2 Beginners’ Questions on Meditation

19 තෙරුවන් සරණයි, ගෞරවනීය ස්වාමීන් වහන්ස, මා කලක සිට ආනාපානසති භාවනාව කරනවා. නිතිපතා කෙරෙන්නේ නම් නැහැ. දිනක් පිංකමක මල් සැකසුමක් හදමින් සිටියදී, මා දුටුවා යන්තමින් මගේ මළකඳ. පසුව ඇටකටු කැඩී ගොඩක් ගැසී කුඩු වී ක්‍රමයෙන් දූවිලි වාගේ සුළගේ විසිරී ගියා. ස්වාමීන් වහන්ස, මා භාවනාවක් කලේ නැහැ. මෙය සිදු වී කාලයක් ගත වුනා. නැවත එසේ අත්දුටුවේ නැහැ. සමාව අවසරයි, ස්වාමීන් වහන්ස, මෙය පහදා දෙන සේක්වා! එසේම තව දිනක නිවසේ භාවනා කරද්දී, සියල්ල නිශ්චල වූවා, ඝාණ්ඨාරයකට ගසන්නාක් මෙන් ටාං ටාං හඩක් ආවා. ඇතුලත ඉතාම පැහැදිලි රත්‍රන් පාට ආලෝකයක් පිරී තිබුනා. (මට දැනුනේ හිස ඇතුලේ වාගේයි) පැහැදිලි වතුරක් වාගේයි. ටිකකින් මා අවදි වූවා. පිංවත් ස්වාමීන් වහන්ස, සමාවී පහදා දෙන සේක්වා! තෙරුවන් සරණයි!