භාවනා වැඩසටහන්

Meditation Programs

     

“භාවේතබ්බං පනිච්චේවං – භාවනාද්වයමුත්තමං
පටිපත්තිරසස්සාදං – පත්ථයන්තේන සාසනේති”

  

“Bhāvetabbaṃ paniccevaṃ—bhāvanādvaya muttamaṃ
Paṭipatti rasasādaṃ—patthayantena sāsane’ti”

“සර්වඥ සාසනයෙහි ප්‍රතිපත්ති රසාස්වාදනය (පරිපූර්ණත්වයක්) ප්‍රාර්ථනා කරන්නාහු විසින් උතුම් වූ මේ (සමථ – විදර්ශනා) භාවනා දෙක කියන ලද ක්‍රමයට වැඩිය යුතුයි.”

“One who aspires to enjoy the taste of practice in the Buddha’s Dispensation should develop this two-fold meditation (Tranquility & Insight), so excellent in the way expounded.”

  1. නා උයන ආරණ්‍යය සෙනසුන මඟින් සංවිධානය කරණු ලබන භාවනා වැඩසහන් පිළිබඳව මෙහිදී දැනුවත් විය හැකිය.
  2. ස්වාමින් වහන්සේලා හා දසසිල් මෑණිවරුන් මූලික කරගෙන සාමූහික විශේෂ භාවනා වැඩසටහනක් මාසයකට වතාවක් නියමිත දින ගණනක් වෙන්කරගෙන පවත්වනු ලැබේ.
  3. එහිදී නා උයන ආරණ්‍යය සේනාසනය සමඟ සාමූහිකව සහසම්බන්ධ වන අනෙකුත් ආරණ්‍යය සේනාසනයන් හා දසසිල් ආරාම වල සාමූහික භාවනා වැඩසටහන් ලෙස ඒවා පැවැත්වේ.
  4. නා උයන සෙනසුනේ පැවැත්වෙන ධර්ම දේශනා හා භාවනා උපදෙස් ලබාදීම් (කමටහන් ලබාදීම) ආදිය අනෙකුත් සෙනසුන් සමඟ අන්තර්ජාල පහසුකම් ඔස්සේ බෙදා ගනිමින් මෙම සාමූහික භාවනා වැඩසටහන් පැවැත්වේ.
  5. එහිදී දේශීය හා විදේශීය ආරණ්‍යය සේනාසන වල වැඩ වාසය කරනු ලබන ස්වාමින් වහන්සේලා හා සිල් මෑණියන් වහන්සේලාද එම වකවානු තුළදී මෙම භාවනා වැඩසටහන් පැවැත්වෙන සේනාසන වල නේවාසිකව සිටින භාවනානුයෝගී ගිහි උපාසකවරු හා උපාසිකාවරුද මෙයින් ප්‍රතිලාභ ලබති.
  6. මාසිකව පැවැත්වෙන මෙම භාවනා වැඩසටහන් කාලයේදී, ඒ වෙනුවෙන්ම විශේෂයෙන් ගිහි අය සම්බන්ධ කරගැනීමක් සිදුනොවන මුත්, එම කාල වලදී අදාළ සෙනසුන් වල යම් කෙනෙක් නේවාසිකව භාවනා කටයුතු වල යෙදී සිටී නම්, ඔවුන්ටද මෙම වැඩසටහන් වලින් ප්‍රයෝජන ලබාගත හැකිය.
  7. මාසයකට වතාවක් සිදුවන මෙම විශේෂ සාමූහික භාවනා වැඩසටහනත් සමඟ අවුරුද්ද පුරාවටම අඛණ්ඩව පැවැත්වෙන භාවනා වැඩසටහනක්ද සිදුවේ.
  8. අවුරුද්ද පුරාවටම අඛණ්ඩව පැවැත්වෙන භාවනා වැඩසටහනට සම්බන්ධ වීමට අවස්ථාවක් ලබාදීම වශයෙන්, ලාංකික හා විදේශික ගිහි උපාසක උපාසිකාවන්ටද ඉඩප්‍රස්ථාව ලබාදී තිබේ.
  9. තමන්ට කැමති කාලයක් එසේ නැවතී භාවනා පුහුණුවීම් සිදුකළ හැකි අතර එහිදී මාසිකව පැවැත්වෙන සාමූහික භාවනා වැඩසටහන් වලටද සම්බන්ධ විය හැකිය.
  10. නා උයන සෙනසුනේ ගුරු ස්වාමින් වහන්සේලා මඟින් විශේෂ අවසරයක් ලබාගත් ගිහි උපාසක උපාසිකාවන්ට එම සෙනසුන යටතේ කටයුතු කරන ලබන ස්ථාන කීපයකදී නේවාසිකව නැවතී භාවනා පුහුණුවීම් සිදුකළ හැකිය.
  11. පිරිමි අයට නා උයන ආරණ්‍යය හා නා උයන ධර්මායතනය තුළත්, කාන්තාවන්ට ධම්මිකාරාමය හා සුධම්මිකාරාමය යන දසසිල් ආරම වලත් නේවාසික පහසුකම් ලැබේ.
  12. භාවනා කිරීමට සෙනසුනට පැමිණීමට පෙර, ඔබ නැවතී සිටීමට බලාපොරොත්තු වන කාල වකවනු තුළදී සෙනසුන් තුළ ඉඩ පහසුකම් තිබේදැයි සොයා බලාම පැමිණිමට කාරුණිකවන්න. එසේ නොකිරීමෙන් අපහසුතාවයට පත්වන්නේ ඔබමය.
  13. ඉඩපහසුකම් ගැන තොරතුරු දැනගැනීමටත්, පැමිණීමට අවසරයක් ලබාගැනීමටත් ලාංකික අය විසින් පහත ලබාදී ඇති වට්ස්ඇප් අංකය හෝ ඊමේල් ලිපිනය භාවිතා කරන්න. විදේශික අය විසින් නම් https://nauyana.org/application-for-foreign-meditators-english/ මෙම යොමුව හරහා තමන්ගේ තොරතුරු ලබාදීම සිදු කරන්න.
  14. ලාංකිය අයට මෙම යොමුව හරහා භාවනා පුහුණු අයදුම් පත්‍රය ලබාගෙන පුරවා කල්වේලා ඇතිව අප වෙත යොමු කිරීමටද හැකිය. සෙනසුනට පැමිණි පසුව වුවද එය සිදුකළ හැකිය. අවශ්‍ය තොරතුරු දැනගැනීමට එය කියවා දැනුවත්ව සිටින්න. https://drive.google.com/file/d/1iu5SZG8b5LdgPjxO6K5yF37By21F39jw/view?usp=sharing
  15. ඔබ සපයන තොරතුරු සලකා බලා අවසර ලබාදීමක් ලෙස වට්ස්ඇප් පණිවිඩයක් හෝ ඊමේල් පණිවිඩයක් අප විසින් ලබාදෙනු ලැබේ.
  16. පවතින සීමා සහිත පහසුකම් හා සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටින අයදුම්කරුවන් සැලකිල්ලට ගෙන,  අපව දැනුවත් කර ලබාගත් අවසරයකින් තොරව භාවනා මධ්‍යස්ථාන කිසිවකට නොපැමිණීමට කාරුණිකවන්න.
  17. කාන්තා හා පිරිමි දෙපාර්ශවයම පළමු කොට නා උයන ආරණ්‍යය ‌සේනාසනයට පැමිණ, ඔබට ලැබුණු අවසරය කාර්යාලයට පෙන්වා, තව දුරටත් දැනුවත් වී ඔබට නියමිත සේනාසනය (නා උයන ආරණ්‍යය, ධර්මායතනය, ධම්මිකාරාමය, සුධම්මිකාරාමය) වෙත යෑමට අවසර ලබාගත යුතුය.
  18. භාවනා පුහුණුවීම් ලබන කාලය තුළදී සිංහල, ඉංශ්‍රීසි හා චීන භාෂා වලින් භාවනා උපදෙස් හා ධර්මානුශාසනා ලබාගැනීමටද හැකිය.
  19. භාවනානුයෝගීව සිටින එම අය අතරින් පැවිදිවීමට රුචිකත්වයක් ඇති අයට පැවිදි වීමටද ඉල්ලුම් කළ හැකිය. ඒ අය අතරින් විශේෂ සුදුසුකම් සපුරණ අය තෝරාගෙන පැවිදි කිරීමට කටයුතු කරණු ලැබේ.
  20. කොළඹ 05, අංක 16, රජවත්ත ටෙරස්  පිහිටි නා උයන පාරමිතාශ්‍රය තුළදීද මාසිකව පැවැත්වෙන එක් දින භාවනා වැඩසටහනක් මීට අමතරව සිදුවේ. 

සියලු භාවනා වැඩසටහන් වලදී හා සෙනසුන් තුළ නතරවී නේවාසිකව පුහුණුවීම් ලබන කාල වලදී සියලු ගිහි භාවනායෝගීන් පහත උපදෙස් ගැන විශේෂයෙන් දැනුවත් වී සිටිය යුතු බව කාරුණිකව සලකන්න. (විදේශික අයට අදාළ ‌නොවන කරුණු මෙහිදී සිංහල භාෂාවෙන් පමණක් දක්වනු ලැබේ.)

  1. This is to inform you regarding the meditation programs organized by Na Uyana Monastery.
  2. There is a special group meditation program focused on monks and nuns once a month by allocating certain days.
  3. Those meditation programs are conducted as group meditation programs in all monasteries which collectively correlate with Na Uyana Monastery.
  4. This group meditation program is conducted by sharing the Dhamma Sermons and meditation instructions given at Na Uayana Monastery with other monasteries via internet.
  5. The monks, nuns and lay people who reside and meditate in local and foreign monasteries at times of these meditation programs benefit from them.
  6. During these monthly meditation programs there is no special focus on lay people. However, if there are lay people who reside and meditate in monasteries at times of these meditation programs can benefit from them.
  7. Simultaneous to this special monthly group meditation program, there is another all year long meditation program.
  8. Opportunities are given to both local and foreign lay people to take part in the all year long meditation program.
  9. You can stay and practice meditation as long as you wish and also you can take part in the monthly group meditation programs.
  10. The lay men and lay women who obtained a special permission from teacher monks of the Na Uyana Monastery can reside and practice meditation in several places which are under the administration of Na Uyana Monastery.
  11. Accommodations are provided to lay men at Na Uyana Monastery and Na Uyana Dharmayathanaya. Accommodations for lay women are provided at Dhammikashramaya nunnery and Sudhammikashramaya nunnery.
  12. Prior to visit the monastery for meditation, please be kind enough to check whether there will be enough space facilities for the duration which you intend to stay. If not, it is you who will face the inconveniences.
  13. In order to request information regarding space facilities and to get a permission to visit, Sri Lankans must use the following WhatsApp number or email address where as foreigners must use the following page to submit their information. https://nauyana.org/application-for-foreign-meditators-english/
  14. Also, Sri Lankans can fill the following Meditation Practice Application and post it to us in time or they can do it after visiting the monastery. Read it to be aware of the required details. https://drive.google.com/file/d/1iu5SZG8b5LdgPjxO6K5yF37By21F39jw/view?usp=sharing
  15. After considering your submitted information, we will send you a WhatsApp message or an email as a permission.
  16. Considering the available limited resources and applicants who are expecting to join, please be kind enough not to visit any meditation center without prior consent by informing us.
  17. First, both men and women must come to Na Uyana Monastery. Then, you must show the permission to visit the monastery to the office and receive further instructions. After that, you must get a permission to visit the specific monastery(Na Uyana Monastery, Dharmayathanaya, Dhammikashramaya, Sudhammikashramaya) allocated to you.
  18. During the meditation practice, you can receive meditation instructions and Dhamma Sermons in Sinhala, English and Chinese languages.
  19. Among those meditators, those who wish to ordain can request to be ordained. Among them, those who fulfil special requirements will be selected to ordain.
  20. In addition to this, there is a monthly one day meditation program at Na Uyana Paramithashramaya, No 16, Rajawatta Terrace, Colombo 05.

Kindly notice, In all meditation programs and while staying at monasteries for residential practice, all lay meditators must be specially informed of the following instructions. (the instructions which are not relevant to foreigners will be available in Sinhala language only)

සියලු ස්ථාන සඳහා පොදු කරුණු

Common instructions for all locations

  1. භාවනා පුහුණුවීම් ලබන කාලය තුළදී භාවනා පුහුණුවීම් සඳහා උපකාරයක් වශයෙන් ගුරු ස්වාමින් වහන්සේ කෙනෙකුගේ උපකාරය ඇතිව ගහට්ඨ දස සීලය සමාදන්ව ආරක්ෂා කළ හැකිය.
  2. සිල් සමාදන්වී භාවනා පුහුණුවීම් සිදුකළ යුතු බැවින්, සීලය ආරක්ෂා කරගැනීමට හා භාවනා යෝගීන්ට පළිබෝධකාරක වන දේවල් ඉවත් කිරීමක් වශයෙන් මුදල් භාවිතයට, දුරකථන භාවිතයට, රං ආභරණ පැළද සිටීමට අවසර ‌නොදෙන බැවින්, අදාළ සේනාසන වලදී ලියාපදිංචි කටයුතු කරන විට එම දේවල් කාර්යාලයට භාරදී අංකයක් ලබාගන්න.
  3. විදේශික අයට සිල් පද රැකීම සම්බන්ධව දැනුමක් නොතිබිය හැකි බැවින්, සිල්පද ගැන ගුරුස්වාමින් වහන්සේලාගෙන් දැනුවත් වී, ඒවා තමන්ටත් ආරක්ෂා කළ හැකිදැයි තීරණයකට පැමිණි පසු, තමන්ට ආරක්ෂා කළ හැකි මට්ටමේ සිල් පද සමාදන් විය හැකිය. ඒ අනුව ඉහත උපකරණ හා මුදල් කාර්යාලයට භාරදීමට අවශ්‍යද නැද්ද යන්නද වෙනස් වේ. කෙසේ වුවත් පොදු ස්ථාන වලදී දුරකථන භාවිතයට විදේශිකයින්ටද අවසර නැත. 
  4. එසේම විකාලයේ (මධ්‍යහනයෙන් පසුව පසුවදා අරුණ නැගෙන තෙක් කාලය) ආහාර හෝ ආහාර ගතික දේ අනුභව කිරීමට නොහැකි බවද සලකන්න. ස්වාමින් වහන්සේලා හා දසසිල් මෑණිවරු ඒ කාලයේදී ආහාර නොගන්නා බැවින් අදාළ සෙනසුන් තුළ ආහාර සකස් කිරීමක් සිදු නොවන බැවිනි. 
  5. එසේම මෙම සේනාසන තුළ පූර්ණ නිර්මාංෂ ආහාර පමණක් ලබාදෙන බවද සලකන්න.
  6. නා උයන ආරණ්‍යය සේනාසනයේ කාර්යාලයෙන් ලබාගත් අයදුම්පත පුරවා කාර්යාලයට ලබාදෙන්න. (අනෙකුත් ස්ථාන වලද මීට අදාළ වන ක්‍රමවේදය අනුගමනය කරන්න.)
  7. උතුරු සළුව සහිත සිල් සමාදම් වීමේදී අඳින සුදු වස්ත්‍ර පමණක් ඇඳීමට කාරුණිකවන්න.
  8. භාවනා කිරීමේදී වාඩිවීමට හා ස්වාමින් වහන්සේලා වන්දනා කිරීමේදී භාවිතයට සුදුසු පත්කඩක් හෝ ඇතිරිල්ලක් රැගෙන එන්න.
  9. පෞද්ගලික විදුලි හීටර් භාවිතයට අවසර නැත.
  10. බුලත්විට කෑමට අවසර නැත.
  11. කුටි වලට ආහාර ගෙන යෑමට හෝ කුටි වල ආහාර ගැනීමට අවසර නැත.
  12. කාල සටහනට අනුව නියමිත වේලාවන්ට අනුව භාවනා කිරීම, භාවනා උපදෙස් ලබා ගැනීම, බුද්ධ වන්දනා සහ වත් පිළිවෙත් වලට සහභාගී වීම, ධර්ම දේශනා වලට සවන් දීම අනිවාර්යය වන අතර අන් යෝගීන් හට බාධා නොවන සේ හැසිරීමද අත්‍යවශ්‍ය වේ.
  13. සෙනසුනෙහි වගකිවයුතු කෙනෙකුට නොදන්වා ‍සෙනනුනෙන් බැහැරව ගමන් කිරීමටද අවසර නැත.
  14. WhatsApp අංකය හරහා භාවනාමය ගැටළු හැර අනෙක් සියලු විමසීම් සිදුකළ හැකිය. ඊමේල් ලිපිනය හරහා භාවනා වැඩසටහන් ගැන විමසීමට හැකිය. භාවනාමය ගැටළු ඉදිරිපත් කිරීම සදහා Contact වෙබ් පිටුව පමණක් භාවිතා කරන්න. එය හරහා සාමාන්‍ය විමසීම්ද සිදුකළ හැකිය.
  15. කොලයක ලියන ලද ඔබගේ භාවනාමය ගැටළුව භාවනා ශාලාවේ තබා ඇති භාවනාමය ගැටළු දමන පෙට්ටියට දැමීමෙන්ද පිළිතුරු ලබාගත හැකිය. ඒවාට පිළිතුරු ලැබුනු පසු එම ගැටළුව හා පිළිතුර Previously Asked Questions පිටුවෙහි පළකරණු ලැබේ.
  16. ඔබට ලබාදෙන සියලු පහසුකම්, ආහාර හා සේවාවන් නොමිලයේම ලබාදෙන බැවින්ද, අනාගතයේදී පැමිණෙන අයටද පිරිසිදුව ඒවා ලබාදිය යුතු බැවින්ද, ඔබ විසින් පරිභෝග කළ දේ ස්වාමින් වහන්සේලාට හෝ දසසිල් මෑණිවරුන්ට පිරිසිදු කිරීමට සිදුවුවහොත් ඔබට අකුසල් සිදුවන බවද සිහිතබා ගෙන, ඔබ සෙනසුනෙන් බැහැර වන යම් දිනක සෙනසුනෙන් ඔබට ලබාදුන් කුටි සෙනසුන් ආදී සියලු දේ නැවත පිරිසිදු කර භාරදී යෑමට කාරුණිකවන්න.
  17. මීට අමතරවද තවදුරටත් දැනුවත් වීමට යමක් ඇත්නම්, nauyanaretreatinfo@gmail.com යන ඊමේල් එක හරහා හෝ +94 71 845 5332 යන මෙම වට්ස්ඇප් අංකයට පණිවිඩයක් තබා හෝ විමසන්න. (ඇමතුමකින් සම්බන්ධ වීමට වඩා පණිවිඩයක් තැබීම වඩා සුදුසු වේ). ඔබ විමසන්නේ කුමන ස්ථානයට අදාළ භාවනා වැඩසටහන් ගැනද යන්න එහිදී විශේෂයෙන් සඳහන් කරන්න.
  1. To help the meditation you can observe and protect the ten precepts during the meditation practice with the help of a teacher monk.
  2. Since it is important to observe sil(precepts) before meditating as a prerequisite to protect the precepts, things such as money, phones, jewelry, etc are not allowed; therefore please leave them safely at the office and get a token number for them during the registration.
  3. Foreigners may not have an understanding about protecting precepts, therefore, they must learn them from monks. When they decide whether they can protect them or not, they can observe the precepts which they can protect. Based on that, it changes whether you need to hand over the aforementioned items and money to the office. Nevertheless, it is not allowed even for foreigners to use mobile phones in common places.
  4. Also, note that you can not eat food after 12pm(12pm to next day dawn). There is no preparation of food in the monasteries during that period because monks and nuns do not eat food during that time.
  5. Note that this monastery only provides vegetarian meals.
  6. Get an application form from the Na Uyana office, fill the form and hand it over to the office.(In other places, you will have to follow a similar procedure)
  7. Be kind enough to wear white cloths with upper cloth(uturu saluwa).
  8. To sit for meditation or to worship monks, bring a suitable sheet or cloth to put on the floor.
  9. It is not allowed to use private electric heaters.
  10. It is not allowed to eat quid.
  11. It is not allowed to take food to rooms or eat inside rooms.
  12. It is compulsory to meditate, take meditation instructions, worshipping Lord Buddha and take part in cleaning activities and listen to Dhamma Sermons according to a timetable without disturbing other meditators.
  13. It is not allowed to leave the monastery without notifying a responsible person in the monastery.
  14. You can use the WhatsApp number to inquire anything except meditative questions. You can use the email address to inquire regarding the meditation programs. Only submit your questions related to meditation through Contact page. You can also submit other general inquiries through that page.
  15. You can get answers to your meditative questions by writing the question related to meditation and put it in the Meditative Questions Box in the meditation hall. After providing answers to those questions, the questions and answers will be published on this page Previously Asked Questions.
  16. When you leave the monastery one day, please be kind enough to clean and handover the rooms and other things which are given to you by the monastery. Keep in mind, since all the facilities, food and services are given to you for free and those things must be cleaned before giving to future visitors, it would be a sin if monks or nuns had to clean the things you used.
  17. If you have further inquiries, please leave a message or contact us via following email address or WhatsApp number. (It is better if you can leave a message than calling) nauyanaretreatinfo@gmail.com WhatsApp number: +94 71 845 5332 Specially, make sure to mention, which location’s meditation programs are you requesting.

නා උයන සෙනසුනට අදාළ වන සාමූහික භාවනා වැඩසටහනේ තොරතුරු

Information regarding the Na Uyana Monastery's Group Meditation Program.

මේ තොරතුරු ඔබගේ දැනුවත් වීම සඳහා පමණි. ඔබ භාවනා වැඩසටහන් සඳහා අයදුම් කරන විට අවුරුද්ද පුරා සිදුවන අඛණ්ඩ භාවනා වැසටහනට අයදුම් කරන්න. නේවාසිකව ඔබ රැදී සිටින කාල පරාසය තුළදී සාමූහික විශේෂ භාවනා වැඩසටහන් පැවැත්වෙනවාද යන්න දැනගැනීමට මෙම තොරතුරුද ලබාදී ඇත.

This information is for your knowledge only. When you are applying for the meditation programs, apply for the year long continuous meditation program. This information is provided to let you know whether there is a special group meditation program during the time you hope to stay in the monastery.

නා උයන ආරණ්‍යය සේනාසනය

Na Uyana Forest Monastery

Language: Sinhala and English

Address: Na Uyana Forest Monastery,
Pansiyagama, Melsiripura,
60554, Sri Lanka.

 

දේවානම්පියතිස්ස රජ කාලයේදී ආරම්භ වී ඇති මෙම ස්ථානය කාලයාගේ ඇවෑමෙන් විනාශ වී තිබූ මොහොතක නැවත යෝගාශ්‍රම සංස්ථාවට අනුබද්ධ ආයතනයක් ලෙසින් ආරම්භ වූ අතර මේ වනවිට (2022) දේශීය මෙන්ම විදේශීය ස්වාමින් වහන්සේලා 210 නමක් පමණ වැඩවාසය කරන වනගත විශාල ආරණ්‍යය සේනාසනයකි. රටවල් 20කට වැඩි සංඛ්‍යාවක ස්වාමින් වහන්සේලා මෙහි එක මවකගේ දරුවන් සේ ප්‍රතිපත්තියට මූලික තැන ලබාදෙමින්, සිතේ දියුණුව උදෙසා කටයුතු කරමින්, ධර්ම විනයද හදාරමින්, ගුණදහම් පුහුණු කිරීමට මහත් කැපවීමකින් කටයුතු කරමින් වැඩවාසය කරති. දේශීය විදේශීය 30 කට පමණ උපාසකවරු පිරිසක්ද මෙහි නේවාසිකව නැවතී සිට භාවනා පුහුණුවීම් වල යෙදී සිටිති.

අතිපූජනීය අඟුල්ගමුවේ අරියානන්ද ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම හා මූලික අධීක්ෂණය යටතේ භාවනා උපදෙස් හා ධර්ම අවවාද ලබමින් මෙහි පුහුණුවීම් සිදුවේ. භාවනා ක්‍රමය වන්නේ ඵා-ඕ භාවනාවයි. දේශීය හා විදේශීය ස්වාමින් වහන්සේලාට හා දේශීය හා විදේශීය ගිහි උපාසකවරුන් සඳහා නැවතී සිට භාවනා කටයුතු දියුණු කර ගැනීමට, අවශ්‍ය භාවනා උපදෙස් ලබාදීම හා නවාතැන් පහසුකම් ලබාදීමද සිදුවේ.

නා උයන ධර්මායතනය

Na Uyana Dharmayathanaya

Language: Sinhala and English

Address: Na-Uyana Dharmayathanaya,
Madahapola. Via Melsiripura

විශේෂයෙන්ම මෙම ස්ථානය, අධ්‍යාපන කටයුතු සිදුකරන ස්වාමින් වහන්සේලාගේ අවශ්‍යතාවන් සපුරාදීම උදෙසා ඉදිවූ ස්ථානයකි. නා උයන ආරණ්‍යයට අනුබද්ධ ආයතනයක් වන මෙම ස්ථානයේ ත්‍රිපිටක අධ්‍යාපනය, පාළි හා ඉංග්‍රීසි භාෂා ආදිය ඉගැන්වීම සිදුකරයි. භාවනා පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින්ද ක්‍රියාත්මක වන මෙම ආරණ්‍යයේ දැනට (2022), සඟපිරිස 60 නමක් පමණ වැඩවාසය කරති. අතිපූජනීය අඟුල්ගමුවේ අරියානන්ද ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම හා මූලික අධීක්ෂණය යටතේ භාවනා උපදෙස් හා ධර්ම අවවාද ලබමින් මෙහි පුහුණුවීම් සිදුවේ. භාවනා ක්‍රමය වන්නේ ඵා-ඕ භාවනාවයි.  දේශීය හා විදේශීය ස්වාමින් වහන්සේලා සඳහා නැවතී සිට අධ්‍යාපන කටයුතු හා භාවනා කටයුතු දියුණු කර ගැනීමට උපකාර සලසන අතර අවශ්‍ය භාවනා උපදෙස් ලබාදීම හා නවාතැන් පහසුකම් ලබාදීමද සිදුවේ. නා උයන ආරණ්‍යය සේනාසනය සහ නා උයන ධර්මායතනය අතර දුර කිලෝමීටර 3.3 ක් පමණ වේ. පාගමනින් විනාඩි 40 කින් පමණ ළඟා විය හැකිය.

නා උයන පාරමිතාශ්‍රමය

Na Uyana Paramithashramaya

Language: Sinhala

Address: 18 Rajawatta Terrace,
Colombo 06, Sri Lanka.

කිරුළපන නගරයේ පිහිටා තිබේ. නා උයන ආරණ්‍යය යටතේ පවත්වාගෙන යන ගිලන් ස්වාමින් වහන්සේලාට නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකි මධ්‍යස්ථානයකි. ගිලන් ස්වාමින් වහන්සේලාගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන්නක් වුවද තිබෙන සීමිත ඉඩකඩ භාවිතා කරමින් නගරබදව සිටින සැදැහැවතුන්ගේ ගුණ දියුණුවට උපකාර කිරීමක් වශයෙන් ගිහි අය මූලික කරගෙන මාසිකව පැවැත්වෙන එක් දින භාවනා වැඩසටහනක්ද මෙහි සිදුවේ.

ධම්මිකාශ්‍රමය

Dhammikashramaya

Language: Sinhala, English and Chinese


Address: Dhammikashramaya,
Angulgamuwa, Pansiyagama

2003 වර්ෂයේ දී ආරම්භ වූ මෙය සිල්මෑණිවරුන් වහන්සේලා උදෙසාම සැකසුන භාවනා පුහුණු මධ්‍යස්ථානයකි. සියලුම සිල්මෑණිවරුන් වහන්සේලා සහ ගිහි උපාසිකාවන් නා උයන ආරණ්‍යයේ උපදෙස් හා මඟ පෙන්වීමට යටතේ පුහුණුව ලබති. දැනට (2022), සිල්මෑණිවරුන් හා ගිහි උපාසිකාවන් (දේශීය හා විදේශීය) 150 ක් පමණ සිටිති. මෙම ආශ්‍රමයෙහි විදේශීය සහ දේශීය භාවනා යොගීන්ද අතිපූජනීය අඟුල්ගමුවේ අරියානන්ද ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම හා මූලික අධීක්ෂණය යටතේ භාවනා උපදෙස් හා ධර්ම අවවාද ලබමින් පුහුණුවීම් සිදුකරති. භාවනා ක්‍රමය වන්නේ ඵා-ඕ භාවනාවයි. නා උයන ආරණ්‍යය හරහා සම්බන්ධ වන දේශීය හා විදේශීය සිල්මෑණියන් වහන්සේලාට හා දේශීය හා විදේශීය ගිහි උපාසිකාවන් සඳහා නැවතී සිට භාවනා කටයුතු දියුණු කර ගැනීමට අවශ්‍ය භාවනා උපදෙස් ලබාදීම හා නවාතැන් පහසුකම් ලබාදීමද සිදුවේ. නා උයන ආරණ්‍යය සේනාසනය සහ ධම්මිකා ආශ්‍රමය අතර දුර කිලෝමීටර 2.5 ක් පමණ වේ. පාගමනින් විනාඩි 30 කින් පමණ ළඟා විය හැකිය.

සුධම්මිකාශ්‍රමය

Sudhammikashramaya

Language: Sinhala and English

Address: Sudhsmmikashramaya,,
Madahapola. Via Melsiripura.

 

2017 වර්ෂයේ  දී ආරම්භ වූ අධ්‍යාපන කටයුතු සිදුකරන සිල්මෑණිවරුන් වහන්සේලා උදෙසාම සැකසුන භාවනා පුහුණු මධ්‍යස්ථානයකි. ධම්මිකා ආශ්‍රමයටම අනුබද්ධ තවත් ශාඛාවකි. ත්‍රිපිටක අධ්‍යාපනය, පාළි හා ඉංග්‍රීසි භාෂා ආදිය ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකම් සපයාදෙයි.  සියලුම සිල්මෑණිවරුන් වහන්සේලා සහ ගිහි උපාසිකාවන් නා උයන ආරණ්‍යයේ උපදෙස් හා මඟ පෙන්වීමට යටතේ පුහුණුව ලබති. දැනට (2022), සිල්මෑණිවරුන් හා ගිහි උපාසිකාවන් (දේශීය හා විදේශීය) 20 ක් පමණ සිටිති.

මෙහි භාවනා යොගීන්ද අතිපූජනීය අඟුල්ගමුවේ අරියානන්ද ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම හා මූලික අධීක්ෂණය යටතේ භාවනා උපදෙස් හා ධර්ම අවවාද ලබමින් පුහුණුවීම් සිදුකරති. භාවනා ක්‍රමය වන්නේ ඵා-ඕ භාවනාවයි. නා උයන ආරණ්‍යය හරහා සම්බන්ධ වන දේශීය හා විදේශීය සිල්මෑණියන් වහන්සේලාට හා දේශීය හා විදේශීය ගිහි උපාසිකාවන් සඳහා නැවතී සිට භාවනා කටයුතු දියුණු කර ගැනීමට අවශ්‍ය භාවනා උපදෙස් ලබාදීම හා නවාතැන් පහසුකම් ලබාදීමද සිදුවේ. නා උයන ආරණ්‍යය සහ සුධම්මිකා ආශ්‍රමය අතර දුර කිලෝමීටර 4.4 ක් පමණ වේ. පාගමනින් විනාඩි 50 කින් පමණ ළඟා විය හැකිය. නා උයන ධර්මායතනය සහ සුධම්මිකා ආශ්‍රමය අතර දුර කිලෝමීටර 1.1 ක් පමණ වේ. පාගමනින් විනාඩි 12 කින් පමණ ළඟා විය හැකිය.

සාමූහික භාවනා වැඩසටහන් සඳහා සම්බන්ධ වන හා නා උයන ආරණ්‍යය සේනාසනයට අනුබද්ධව කටයුතු කරන අනෙකුත් ස්ථාන

  • යම් කෙනෙකුට ඉහත ස්ථාන වෙතට පැමිණීමට නොහැකි නම්, පහත ස්ථාන වලදීද අවශ්‍ය භාවනා පුහුණුවීම් ලබාගත හැකිය.
  • යම් ස්ථානයක සිතියම පෙන්වා ඇත්නම් ඒ ස්ථාන වල නේවාසිකව නැවති භාවනා පුහුණුවීම් ලබාගත හැකි බව සලකන්න. සිතියම පෙන්වා නැති ස්ථාන වල මේ වනවිට එවැනි පහසුකම් ලබාදීමට කටයුතු සූදානම් කර නොමැති බව සලකන්න.
  • ඒ ස්ථාන වලද සියලු පහසුකම් හා ආහාරපාන හා සේවාවන් නොමිලයේම ලබා දෙන බවද සලකන්න.

ශ්‍රී ඤාණාරාම ත්‍රිපිටක ධර්මායතනය

Sri Ñānarama Thipitaka Dharmayathanaya

ලිපිනය – ශ්‍රී ඤාණාරාම ත්‍රිපිටක ධර්මායතනය, මීතිරිගල.

දුරකථන අංකය – 0333961500

Address: Sri Ñānarama Thipitaka Dharmayathanaya, Meethirigala.

Phone Number: 0333961500

අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ම ඉදිවූ ස්ථානයක් වන මෙය ඝන වනාන්තරයක් මධ්‍යයේ පිහිටා ඇත. දැනට භාවනා පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් ක්‍රියාත්මක වන ආරණ්‍යය සේනාසනයකි. ස්වාමින් වහන්සේලා සඳහා හා පිරිමි ගිහි පිංවතුන් සඳහා නැවතී සිට භාවනා කටයුතු දියුණු කර ගැනීමට අවශ්‍ය, භාවනා උපදෙස් ලබාගැනීමට හා නවාතැන් පහසුකම් ලබාගැනීමටද මෙහිදී ද හැකිය.

පූජාලෙන ආරණ්‍යය සේනාසනය

Pūjālena Forest Monastery

ලිපිනය – පූජාලෙන ආරණ්‍යය සේනාසනය,
කිරිමැටියාවල, හැඩිගල්ල
දුරකථන අංකය:+94 77 079 9460

Address: Pūjālena Forest Monastery,
Kirimetiyawala, Hedigalla.
Phone Number:+94 77 079 9460

 

භාවනා පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් ක්‍රියාත්මක වන සිංහරාජ වනාන්තරයේ එක් කොටසක් තුළ ඝන වනාන්තරය මධ්‍යයේ පිහිටි ආරණ්‍යය සේනාසනයකි. ස්වාමින් වහන්සේලා සඳහා පිරිමි ගිහි පිංවතුන් සඳහා නැවතී සිට භාවනා කටයුතු දියුණු කර ගැනීමට අවශ්‍ය භාවනා උපදෙස් ලබාදීම හා නවාතැන් පහසුකම් ලබාදීම සිදුවේ.

නා සෙවන ආරණ්‍යය සේනාසනය

Na Sevana Forest Monastery

ලිපිනය – නා‌ සෙවන ආරණ්‍යය සේනාසනය,
පන්සියගම, මැල්සිරිපුර.

Address: Na Sewana Forest Monastery,
Pansiyagama, Melsiripura.

නා උයන ආරණ්‍යය සේනාසනය යටතේ පවත්වාගෙන යන තවත් ආරණ්‍යය සේනාසනයක් වන අතර ස්වාමින් වහන්සේලා සඳහා පිරිමි ගිහි පිංවතුන් සඳහා නැවතී සිට භාවනා කටයුතු දියුණු කර ගැනීමට අවශ්‍ය භාවනා උපදෙස් ලබාදීම හා නවාතැන් පහසුකම් ලබාදීම සිදුවේ.

නා උයන යෝගාශ්‍රම ශ්‍රී පාද ආරණ්‍ය සේනාසනය

Nauyana Yogashrama Sri Pada Aranya Senasanaya

ලිපිනය – නා උයන යෝගාශ්‍රම ශ්‍රී පාද ආරණ්‍ය සේනාසනය,
කුට්ටම්පිටිය, තොටලිගම, පැල්මඩුල්ල.
දුරකථන අංකය – 0761809033 / 0703958035

Address: Nauyana Yogashrama Sri Pada Aranya Senasanaya,
Kuttampitiya, Thotaligama, Palmadulla.
Phone Number: 0761809033 / 0703958035

 

නා උයන ආරණ්‍යය සේනාසනය යටතේ පවත්වාගෙන යන තවත් ආරණ්‍යය සේනාසනයක් වන අතර ස්වාමින් වහන්සේලා සඳහා පිරිමි ගිහි පිංවතුන් සඳහා නැවතී සිට භාවනා කටයුතු දියුණු කර ගැනීමට අවශ්‍ය භාවනා උපදෙස් ලබාදීම හා නවාතැන් පහසුකම් ලබාදීම සිදුවේ.

කිතුල්ගොඩ ආරණ්‍යය සේනාසනය

Kithulgoda Forest Monastery

ලිපිනය – කිතුල්ගොඩ ආරණ්‍යය සේනාසනය, අගලවත්ත, බෙල්ලන.
දුරකථන අංකය – +943422411762

Address: Kithulgoda Monastery, Agalawaththa, Bellana.

Phone Number: +943422411762

නා උයන ආරණ්‍යය සේනාසනය යටතේ පවත්වාගෙන යන තවත් ආරණ්‍යය සේනාසනයක් වන අතර ස්වාමින් වහන්සේලා සඳහා පිරිමි ගිහි පිංවතුන් සඳහා නැවතී සිට භාවනා කටයුතු දියුණු කර ගැනීමට අවශ්‍ය භාවනා උපදෙස් ලබාදීම හා නවාතැන් පහසුකම් ලබාදීම සිදුවේ.

ඉන්දියාවේ නා උයන ආරණ්‍යය සේනාසනය

Na-Uyana Forest Monastery – India

Address – Nauyana Monastery Rajugari Thota,
Chekkapalli, Musunuru, Andhra Pradesh, India.
Telephone Number – +91 73374 20384
Email – nauyanaindia@gmail.com

ඉන්දියාවේ අන්ධ්‍රා ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ආරණ්‍යය සේනාසනය නා උයන ආරණ්‍යය සේනාසනයට අනුබද්ධ ආයතනයක් ලෙසින් ස්ථාපිත වූවකි. ඉන්දියන් ජාතික ශ්‍රද්ධාවන්ත පිරිසට යලි බුදුදහමේ පෝෂණය ලබාදීමේ අරමුණෙන් ඉන්දියන් ජාතික ස්වාමින් වහන්සේලාගේ අවශ්‍යතාවය මත ආරම්භ වූවකි. අතිපූජනීය අඟුල්ගමුවේ අරියානන්ද ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම හා මූලික අධීක්ෂණය යටතේ භාවනා උපදෙස් හා ධර්ම අවවාද ලබමින් පුහුණුවීම් කටයුතු සිදුකරති.

ඉන්දුනීසියාවේ නා උයන ආරණ්‍යය සේනාසනය


Na Uyana Forest Monastery – Indonesia

මැලේසියාවේ ධම්මජාත ආරණ්‍යය සේනාසනය

Dhammajatha Forest Monastery – Malayasia

තායිවානයේ ධම්මසන්තවන ආරණ්‍යය සේනාසනය

Dhammasanthawana Forest Monastery – Thaiwan

පිදුරුවැල්ල මහවෙළ සිල් ආරාමය

Piduruvella Mahawela Nunnery

2008 වර්ෂයේ දී ආරම්භ වූ මෙම ස්ථානය, විශේෂයෙන්ම පැවිදි වීමට බලාපොරොත්තුවෙන් සිටින උපාසිකාවන් පුරුදු පුහුණු කරන ස්ථානයකි. ධම්මිකාරාමයේ හා සුධම්මිකාරාමයේ පැවිදි වීමට බලාපොරොත්තු වන ලාංකීය උපාසිකාවන් මේ ආයතනයේදී මූලික පුහුණුවක් ලැබීමෙන් පසුව පැවිදි බිමට ඇතුළත් කරණු ලැබේ. භාවනා පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින්ද ක්‍රියාත්මක වන මෙම ආරණ්‍යයේ සිල්මෑණිවරුන් වහන්සේලාද අතිපූජනීය අඟුල්ගමුවේ අරියානන්ද ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම හා මූලික අධීක්ෂණය යටතේ භාවනා උපදෙස් හා ධර්ම අවවාද ලබමින් පුහුණුවීම් සිදුකරති. භාවනා ක්‍රමය වන්නේ ඵා-ඕ භාවනාවයි. සිල්මෑණියන් වහන්සේලාට නැවතී සිට භාවනා කටයුතු දියුණු කර ගැනීමට අවශ්‍ය භාවනා උපදෙස් ලබාගැනීමේ පහසුකම් හා නවාතැන් පහසුකම් ලබාදීමද සිදුවේ. දැනට බාහිර ගිහි අයට නවාතැන් දීමක් සිදුනොවේ.