Categories
Q & A Category 14

9 අවසරයි ස්වාමීන්වහන්ස, සංඝානුස්සති දේශනාවේ ඔබවහන්සේ වදාළා කිසි සේත් කිසි ස්වාමින්වහන්සේ නමක් විවේචනය නොකරන ලෙස. ධර්මය විකෘති කරන ස්වාමින්වහන්සේලා කෙරේ ගිහි අපි කෙසේ පිළිපැදිය යුතුද? ඒවා නොදැක්කා සේ සිටීමෙන් අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය විනාශ වෙන්නට හරින පාපය අත් නොවේද? අසවල් ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් වළකින්න යැයි අපි එවන් ස්වාමින්වහන්සේලා ගැන ඥාති හිතෛෂින් දැනුවත් කිරීම නුසුදුසුද? අප ලඟ ඇති එවන් ධර්ම විකෘති ඇති පොත් වලට කුමක් කල යුතුද? තෙරුවන් සරණයි!