Categories
Q & A Category 5

1 ගෞරවනීය ස්වාමින්වහන්ස, මෙම වැඩසටහනේදී ඔබවහන්සේ දුන් උපදෙස් වලට අනුව ශරීරයේ කොටස් තිස් දෙක මෙනෙහි කලෙමි. එක පර්යංකයකදී අට්ඨී ලෝහිත යන කොටස් දෙකත්, තවත් පර්යංකයකදී කේසා දන්තා පුබ්බෝ යන කොටස් ද වැඩිපුර දැනුණි. ඉන් කොටස් දෙකක් තෝරාගන්නේ කෙසේද ? සාමාන්‍ය ජිවිතයේ වැඩකරන විට කොටස් තිස් දෙකම අරමුණු වේ. එවිට එය මෙනෙහි කිරීම සුදුසුද ?