භාග්‍යවතුන් වහන්සේගේ අවසන් වචනය...

හන්දදානි භික්කවේ ආමන්තයාමී වෝ වයධම්මා සංකාරා අප්පමාදේන සම්පාදේථ.

මහණෙනි, මම දැන් නුඹලාව අවසන් වරට අමතමි. සියලු සංස්කාර ධර්මයෝ ගෙවී යන (නැසෙන) සුළුයි, අප්‍රමාදව කුසල් සම්පාදනය කරව්.

ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති නා උයන ආරණ්‍යය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අනුබද්ධ ආරණ්‍යය සේනාසනයකි. එය භික්ෂූන් වහන්සේලා 150 කටත් වඩා වැඩි පිරිසකට වාසස්ථානය සපයමින් දුම්මීය කඳු යායේ අක්කර 5000 ක පමණ ප්‍රදේශයක පැතිර පවතී.

Yogavacaropadesa
Yogavacaropasesa, Guidance for a Meditative Life
The Workings of Kamma
Meditation Techniques

භාවනාව උගෙනීමට බලාපොරොත්තු වන ඔබට යෝගාශ්‍රම සංස්ථාවේ අති පූජනීය භාවනා ගුරු ස්වාමීන් වහන්සේලාගේ පටිගත කරන ලද දේශනා වලට මෙහිදී සවන් දිය හැකිය. සමථ සහ විපස්සනා භාවනා ක්‍රම සියල්ලම පාහේ ආවරණය වන පරිදි මෙහිදී උපදෙස් ලබා දී ඇත. මෙහිදී ඔබට භාවනා ක්‍රම තේරුම් ගැනීමට සහ ප්‍රායෝගිකව යොදා ගැනීමට හැකි වන අයුරින් උපදෙස් ලබා දී ඇත. දැනට අප විසින් ආධුනිකයෙකුට භාවනාව ආරම්භ කර දිගට කරගෙන යාමට අවශ්‍ය සමථ සහ විපස්සනා භාවනා මූලික ඉගැන්වීම් වලට අදාළ සියලුම දේශනා පාහේ ඉදිරිපත් කර ඇත. භාවනාවේ වඩා ගැඹුරු කොටස් වලට අදාළ දේශනා ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තු වෙමු.

භාවනා ක්‍රම සදහා මෙහි ඔබන්න

කම්මට්ඨානාචරිය අතිපූජනීය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේගේ උතුම් ප්‍රව්‍රජ්‍යා ජීවිතය සහ නා උයන ආරණ්‍ය සේනාසනය ගැන සකසන ලද ඉංග්‍රීසි භාෂා පොත
කම්මට්ඨානාචරිය අතිපූජනීය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේගේ උතුම් ප්‍රව්‍රජ්‍යා ජීවිතය සහ නා උයන ආරණ්‍ය සේනාසනය ගැන සකසන ලද චීන පොත
නවතම වීඩියෝ
No event found!

ඔබගේ පහසුව තකා අලුතෙන් එකතු කරන දේශනා හා දහම් ලිපි ආදිය ඒ ඒ භාෂාවන්ට අනුව වෙන් වෙන් වශයෙන් ලබාගැනීමට ක්‍රම දෙකක් පහත ඉදිරිපත් කර ඇත. ඒ ඔස්සේ තෝරා ගත් භාෂාවන්ට අදාළ දේශනා වල ලින්ක්ස් (links – සබැඳි) මෙමඟින් ඔබට ලබා ගැනීමට හැකිය.

  1. මෙම Subscribe to our messages වෙත ඔබගේ ඊමේල් එක ලබා දීම තුළින්, ඊමේල් ලිපිනයට ලින්ක්ස් (links – සබැඳි) ලබා ගැනීමට හැකි ය.
  2. වට්ස්ඇප් මාදුකාංගයේ (WhatsApp) සාදන ලද ගෘප් (Group) කීපයකද ලින්ක්ස් (Links) පහත සපයා ඇත. මේ ක්‍රමයට කැමති අයට මෙය තෝරාගත හැක. මේ ගෘප්ස් (Groups) වෙත පණිවිඩ ලබාදීමට හැක්කේ අපට පමණක් වන බැවින්, ඒ ඔස්සේ වෙනත් අයගේ පණිවිඩ ඔබට ලැබීමෙන් වන අපහසුතාවයද වළකා ඇත.
Subscribe to our messages

Lists*

Loading
WhatsApp Groups
Click the following links to
join the WhatsApp groups
භාවනා සම්බන්ධ ගැටළු සඳහා

භාවනා සම්බන්ධ ගැටළු පහත ක්‍රමයක් හරහා යොමු කර, ස්වාමින්වහන්සේගේ ඉදිරි දේශනයක දී පිළිතුරු ලබාගත හැකි ය.

මේ වන විටත් විසඳා දුන් ගැටළු, මාතෘකා වලට අනුව වෙන් කර, වෙබ් පිටුවේ (කලින් ඇසූ ගැටළු) යන පිටුවේ ප්‍රදර්ශනය කර ඇති බැවින්, කරුණාකර පළමුව ඒ තුළ ඔබට ඇති වූ ගැටළුවට පිළිතුරක් තිබේ දැ’යි සොයා බලා, ඒ තුළ විසඳුමක් දක්නට නොමැති නම් පමණක් පහත ක්‍රමයකින් ගැටළු ඉදිරිපත් කළ හැකිය.

ගැටළු යොමු කිරීමේ දී, ටයිප් කරන ලද්දක් එවිය හැකි නම් එයට ප්‍රමුඛතාවය ලබා දෙන්න. එය අපහසු අය විසින් අතින් ලියන ලද්දක පින්තූරයක් ‌හෝ ‌එසේ ‌නොහැකි නම් පමණක් ‌වොයිස් මැසේජ් එකක් ‌ලෙසින් ‌හෝ ‌පහත ක්‍රමයක් හරහා යොමු කරන්න. ඉහත පහසුකම් නොමැති අය පමණක් ඇමතුමක් හරහා එය ලබාදෙන්න.

භාවනාවන් හා සම්බන්ධ ඔබේ ප්‍රශ්න “සම්බන්ධතා” පිටුවේ “භාවනාවන් හා සම්බන්ධ ප්‍රශ්න” යන්න තේරීමෙන්, නා උයන සෙනසුනේ භාවනා වැඩසටහන මෙහෙයවන සංවිධායක කමිටුවේ ස්වාමින් වහන්සේලාට යැවිය හැකි ය.

සැලකිය යුතුයි – ගෘප්ස් වලට සම්බන්ධ වීමට ඇකමැති හා ඊමේල් පහසුකම් නොමැති ස්වාමින්වහන්සේලා හා සිල් මෑණියන් වහන්සේලා සඳහා ම පමණක් දේශනාවල ‘ලින්ක්ස්’ ලබා ගැනීමට වෙනත් විසඳුමක් පහත සපයා ඇත. අපගේ මෙම වට්ස්ඇප් අංකයට (+94 76 741 2381), ඔබවහන්සේගේ වට්ස්ඇප් අංකයෙන්, අවශ්‍ය කරන දේශනා වර්ගය කුමක් දැ’යි (ඉහත වට්ඇප් ගෘප් වලට ලබාදී තිබෙන අංකය හා නම) යන්න පමණක් යොදා අප වෙත එවන්න. අපගේ අංකය සේව් කර ගැනීම ඉතාම වැදගත්, සේව් කර නොගත් අංක වලට මෙම සේවාව ඔස්සේ පණිවිඩ නොලැබෙන බැවිනි. එසේ ම මෙම පණිවිඩය හැරුණු කොට, වෙනත් කිසිදු පණිවිඩයක් මෙම අංකයට නොයැවීමට ද කාරුණික වන්නේ නම් මැනවි. මෙම සේවාව අවලංගු කිරීමට අවශ්‍ය වූ දිනක සේව් කරගත් අපගේ අංකය මකා දමන්න. එවිට එම පණිවිඩ නැවත ලැබීම සිදුනොවේ.

සැලකිය යුතුයි – මෙම ගෘප්ස් සාදා ඇති අංකයට කිසිඳු ඇමතුමක් හෝ පණිවිඩයක් ලබා නොදෙන්න. එය හුදෙක් ලින්ක්ස් ලබා දීමට පමණක් භාවිතා කෙරෙන්නකි. භාවනා සම්බන්ධ ගැටළු යොමු කිරීමට පහත ක්‍රම සපයා ඇත.

Recent Pictures