Categories
Q & A Category 9

3 මම සමාධි භාවනාව වඩනවා, සිත එක තැනක තියාගෙන ඉන්නවා, මට පොඩි කාලයේ සිට සිතිවිල්ලක් නැතිව ඉන්නද හැකියි. නළල මැද ඇති චක්‍රය දෙස බලාගෙන ඉන්නවා වගේ දෙයක් තමයි කරන්නේ. ශරීරය උඩට ඇදෙනවා වගේ දැනෙනවා. ශරීරයේ කිසි දෙයක් නොදනී යනවා, ටික වෙලාවක් ගිය පසු පහලට වැටෙනවා. ඉහලට ගිය විට දැනෙන්නේ සිත තියන බව පමණයි, එක එක වෙලාවට නළල හරහා එලි එනවා. එතනින් එහාට භාවනාව කරන්නේ කෙසේද? youtube එකේ දේශනාවන් අහන විට පුදුම ආසාවක් ඇති වුනා ස්වාමින්වහන්ස.