Categories
Q & A Category 4

3 මම අවුරුදු අටක සිට ඇස නොපෙනෙන අම්ම කෙනෙක්. බොහෝ විට තනියම කාමරේට වී සිටිමි. මෙසේ වීම ගැන සිත් තැවුුුල නිසා සිල් ගැනීමට සහ භාවනාවට සිත් පහළ වෙන්නේ ප්‍රමාද වෙලා, මෛත්‍රී භාවනා කරමි, එවිටද සිත් තැවුුුල විටින් විට එනවා. පිනක් දහමක් කරගත නොහැකි වෙයි කියා විටින් විට බය එනවා. වෛර සිතක් ආ විට සමාවෙන්න බුදුපියාණන් වහන්ස කියා සමා කරගනිමි. කුමක් කළ යුතුතුදැයි උපදෙස් දෙන සේක්වා!