ශ්‍රී කල්‍යාණී ‍යෝගාශ්‍රම සංස්ථාව

  විනයධර භික්ෂූන් වහන්සේලාගෙන් අගතැන්පත් උපාලි මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍යවර දාසක මහතෙරුන්, සිග්ගව මහතෙරුන්, මොග්ගිපුත්තතිස්ස මහතෙරුන් යන මහ රහතන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන්, ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන්  තෘතීය සංඝායානාව තෙක් බුදු සසුන රැක ගැනීම සිදුවිය. තෘතීය සංගීතිකාව පවත්වා, බුද්ධ වර්ෂ 235 ඉල්සම දී ලක්දිව ඇතුළු රටවල් 9 ක බුදු සසුන පිහිටුවන ලදී.

  මිහිඳු මාහිමියන් ප්‍රමුඛකොට, මෙරටට පැමිණි බුදු දහම එදා සිට අද දක්වා විරාජමානව වැඩසිටීමට, සසුන් කෙතේ පහළ වූ උත්තුංග යතිවරයාණන් වහන්සේලාගේත් ශ්‍රේෂ්ඨ නරවිරුවන්ගේත් අප්‍රහිත ධෛර්යය, ජීවිත පූජාව හරහා සිදුවිය. එසේ පැමිණි යුග අතර අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, කුරුණැගල යුගයන් තුළ ශාසනික චිරස්ථිතිය උදෙසා කැපී පෙනෙන විශිෂ්ඨ සේවාවක් සිදුවිය. ඒ කාලය හා ඉන්පසු කාලය තුළ මෙරට ඇතිවූ විදේශ බලපෑම් සමඟ බුදු දහම අතුරුදහන්ව යන ස්වාභාවක් දිස්විය. එමෙන්ම මෙරට තුලදීම බුද්ධ දර්ශනයේ මූලික හරය පසෙකලා කටයුතු කිරීම සිදුවිය. එකී ශාසනික ගමන්මගට තිබූ වැට කඩොලු බිඳ දමමින් සංඝයා රැස්වී, රජු හා සමඟ නැවත සාසනික පුනරුදයන් හරහා බුදු සසුන බැබළ වූහ. ඒ  ආගමනයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා ගැනීමද අග්‍රගණ්‍ය සාසනික සන්ධිස්ථානයකි. බුරුම රට රාමඤ්ඤ දේශයේ වැඩවාසය කළ ස්වාමින් වහන්සේලාගේ උපකාරයෙන් පිහිටවූ නිසාම එය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නම් විය. 

  අතිපූජනීය අඹගහවත්තේ  ශ්‍රී සරණංකර මාහිමිපාණන් වහන්සේගේ අප්‍රහිත කැපවීම් මත හා මූලිකත්වය මත අතිපූජනීය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මාහිමියන් වහන්සේගේ සහයෝගයද සහිතව අතිපූජනීය වරාපිටියේ සුමිත්ත මහා ස්ථවිරයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2407 වූ ඇසළ අවතුදුස්වක දින (ව්‍යවහාර වර්ෂ 1864 ජූලි 12) ගාල්ල මහමෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී ප්‍රථම උපසම්පදා විනය කර්මය කොට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නැමැති භික්ෂු වංශය ආරම්භ කළ සේක.

  අත්ථිකේහි උපඤ්ඤාතෝ මග්ගෝඅර්ථය සොයන්නාට මාර්ගයක් ඇත යන ගාම්භීර දැහැමි ආදර්ශ පාඨය මූලික කරගනිමින් බුදු දහමේ නියමු වූ හර පද්ධතියට මෙරට ශාසනික ගමන් මග නැවත හරවාලීම උදෙසා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අනුබද්ධ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව නම් වූ දැවැන්ත වෘක්ෂයේ මූල බීජය රෝපණය කරන ලදී.

Key People

Ven. Kadawedduwe Sri Jinawansa Thero

Co-founder

A strict teacher that has been teaching since the age of 16. Stella won’t give you any slack, so you will have to do the very best work you’ve done in your life.

Ven. Matara Gnanarama Maha Thero

Co-founder

Donald has a PHD in both Computer Science and Design. His beginner course is a must see for any aspiring web professional who want to learn from the best.

Ven. Na Uyane Ariyadhamma Thero

Anusasaka

If there’s someone who can explain anything, Gaby is the one. She teaches you not just how to do something, but why to do it this way and not the other.

  හුදු සැරසිල්ලක් බවට පත්වෙමින් තිබූ මෙරට බුදුසසුන නැවත නිවැරදිව පර්යාප්තිය ප්‍රතිපත්තිය, ප්‍රතිවේධය සහිතව නගාසිටුවීම උදෙසා බිහිකළ මෙම දැවැන්ත වෘක්ෂයෙහි නිර්මාතෘ වනුයේ අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස මාහිමියන් වහන්සේය. රාමඤ්ඤ මහා නිකායේ අනුනායක දූරීන අතිගරු පූජනීය රස්නකවැවේ ශ්‍රී සද්ධම්මවංශ මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පළමු පැවිදි පින්කම වර්ෂ 1951 ජූනි 18 දිනට යෙදුණු පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ දී පැවිදි අපේක්ෂකයන් 12 කු පැවිදි බිමට පත් කරමින් අම්බලන්ගොඩ දෙල්දූව ආරණ්‍යයේදී සිදු විය. මෙසේ අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ජිනවංශාභිධාන මාහිමියන් වහන්සේගේ සමුප්පාදකත්වයෙන් සහ අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර ‍ශ්‍රී ඥානාරාම මාහිමියන්ගේ ප්‍රධානාචාර්යත්වයෙන් ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා ප්‍රතිපත්ති සංවිධානය ආරම්භ විය. එමෙන්ම යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රථම උපසම්පදාව 1953 ජූලි මස 16 වන දින, අතිගරු පූජනීය පණ්ඩිත නිතලව සිරි ඥාණිස්සරාභිධාන මහා ස්ථවිර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සිදුවිය. උපසම්පදා අපේක්ෂකයන් 14 දෙනෙකු ගෙන්යුත් කණ්ඩායමක් ප්‍රථමවරට යෝගාශ්‍රමයේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලෙස සසුනඹරට එක් කරන ලදී.

  වත්මන වන විට ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව නැමති මේ යෝධ වෘක්ෂය තම ශාඛාවන් 278 කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ අතුපතර විහිදුවමින් විරාජමානව වැඩ සිටිති. මහාස්ථවිර, ස්ථවිර මධ්‍යම, උපසපන් අනුපසම්පන්න ස්වාමීන් වහන්සේලා  දහස් සංඛ්‍යාත සඟ පිරිසක් ස්ථිරසාර අධිෂ්ඨානයෙන් යුතුව සතර සංවර ශීලය දිවි දෙවැනි කොට රකිමින් ධර්ම විනය අධ්‍යයනය නිසිසේ සපුරමින්, ධුතාංග පරිහරණය කරමින්, සමථ විපස්සනා භාවනාවෙහි යෙදෙමින් සමග්ග සම්මෝදමානව සම්බුද්ධ ශාසන චිරස්ථිතිය පිණිසත්, ධ්‍යාන විදර්ශනා මාර්ගඵලාධිගමය පිණිසත් උද්‍යෝගිමත් වෙමින් සසුන්කෙතේ ගුණ පුරමින් වැඩ වෙසෙති.

  අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මාහිමියන් වහන්සේ, අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේ, අතිපූජනීය නා උයනේ අරියධම්මාභිධාන මාහිමිපාණන් වහන්සේ වැනි බෝධිසත්ව ගුණෝපේතිත උතුමන් වහන්සේලාගේ අප්‍රහිත කැපවීම් මත ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව නැමැති ප්‍රතිපත්ති සංවිධානය දිනෙන් දින සසුන් කෙත අස්වද්දමින් නිවන් මඟ හෙළි පෙහෙළි කරමින් සාර්ථකව ඉදිරියට පිය මනිනු ලැබේ.